තනිව හෝ බිරිඳ හා දරුවන් සමග පෞද්ගලික වාහනයක ගමන් කිරීමේදි මුව ආවරණ පැළදීම අනිවාර්ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා. ඒ, රූපවාහිනී වැඩසටහනක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා තිබෙනවා
නමුත් ඥාතීන් හෝ වෙනත් අය සමඟ පෞද්ගලික වාහනයක ගමන් කිරීමේදි මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී අවධාරණය කළේ.

