දිවයින පුරා නායයෑමේ අවදානම්

දිවයිනේ දිස්ත්‍රික්ක 13ක නායයෑමේ අවදානමට ලක්විය හැකි ස්ථාන 147ක් හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වල මෙන්ම රඹුක්කන සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගයේ ආපදාව දානං සහිත ස්ථාන 22ක් ද හඳුනාගෙන ඇති බවයි ජාති ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.

එම ස්ථානයෙන් දුම්රිය මාර්ගයට පස් කඩාවැටීම් හා ගල් පෙරළීම් නතර කිරීම සඳහා ආරක්ෂිත ගල්වැටි යෙදීම හා බෑවුම් ස්ථායිකරණය කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි ඔවුන් පවසන්නේ.