රත්නපුර ,රක්වාන , නුවරඑළිය හුදකලා කෙරෙයි

අද (09) උදෑසන සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයෙන් ඉවත් කර ඇති අතර, තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීම් සිදුකර තිබෙනවා.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 14ක්, රක්වාන පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 6ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක් ග්‍රාම සේවා වසමක් ද හුදකලා කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ, පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ නාරම්පිටිය ග්‍රාම සේවා වසම මේ මොහොතේ සිට හුදකලාභාවයෙන් ඉවත්කර තිබෙනවා.