රාජ්‍ය වෙසක් උත්සවය අත්හිටුවයි

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එය යාපනය – නාගදීප රජ මහා විහාරයේ පැවැත්වීමට නියමිතව තිබුණා.

නමුත් සීමිත පිරිසක් සහභාගි කරගනිමින් එය සංකේතාත්මකව කොළඹදී පැවැත්වීමට අවධානය යොමුව ඇති බවයි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසන්නේ.