ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් ව සිඩ්නි නගරයේ දී නාඳුනන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් නැවත නිදහස් කර තිබේ.
ස්ටුවර්ට් මැක්ගිල් නම් ක්‍රීඩකයා එම සිදුවීමට මුහුණ දී තිබේ.
පසුගිය මස 14 වනදා ස්ටුවර්ට් ව පැහැරගැනීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ සම්බන්ධයෙන් 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සති කිහිපයක් පුරා සිදුකළ පර්යේෂණ වලින් අනතුරුව එම සැකකරුවන් ව අද (05) අත්අඩංගුවට ගත් බව සිඩ්නි පොලීසිය නිවේදනය කරයි.
1998 සිට 2008 දක්වා ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩාකළ මැක්ගිල් 50 හැවිරිදි වියේ පසුවෙයි.
සිදුවූයේ කුමක් ද?
ක්රෙමෝර්න් නම් නගරයේදී රාත්‍රී කාලයේදී මැක්ගිල් හා ආරවුලක් ඇතිකරගත් පිරිසක් ඔහුව මෝටර් රථයක දමාගෙන ගොස් තිබේ.
එම පිරිස ඔහුව නගරයෙන් ඈතට රැගෙන ගොස් ගිනි අවියක් එල්ල කරමින් දැඩි ලෙස පහර දී තිබේ.
පැයක් පමණ කාලයක් ඔහුව තමන් භාරයේ තබාගෙන සිටි සැකකරුවන් ඔහුව ඉන්පසුව නිදහස් කර තිබේ.
වයස අවුරුදු 27, 29, 42, සහ 46 වියේ පසුවන සැකකරුවන් ට එරෙහිව අද චෝදනා ගොනු කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.

