ප්‍රථම වරට රෝහල් ගත කොරෝනා ආසාදිතයින් ගණන 10,000 සීමාව පසුකරයි

මෙරට කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් පිරිස 10,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව ආසාදිතයන් 10,372 දෙනෙකු රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මෙය රෝහල් ගත ආසාදිතයින් සංඛ්‍යාව මෙවැනි ඉහළ අගයක් ගත් පළමු අවස්ථාව ලෙස වාර්තා වනවා.

එසේම නැගෙනහිර කොළඹ මුලික රෝහලේ සිටින කොවිඩ් රෝගීන් සංඛ්‍යාව උපරිම ධාරිතාවට පැමිණ ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා සඳහන් කර තිබෙනවා.