මේ දක්වා ඉන්දියාවෙන් වාර්තාවූ වැඩිම දෛනික කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (20) දිනයේ වාර්තා වී තිබේ.
එරට දෛනිකව වාර්තාවන ආසාදිතයන් ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා තිබුණේ අඛණ්ඩව 8 වැනි දිනටය.
ඉන්දියාවේ ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයන් 294,290 ක් වාර්තා වී තිබේ.
ඒ මේ දක්වා එරටින් වාර්තාවූ වැඩිම දෛනික අසාදිත සංඛ්‍යාව වීම විශේෂත්වයකි.
ඒ අනුව මේ වනවිට ඉන්දියාවේ මුළු ආසාදිත සංඛ්‍යාව 15,609,004ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන්දියාවේ වැඩිම දෛනික මරණ සංඛ්‍යාවද ඊයේ වාර්තා විය.
එම සංඛ්‍යාව 2,020 කි.
ඒ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 182,570ක් දක්වා ඉහළ ගියේය.
විදෙස් වාර්තා පවසන්නේ කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාවම වසාගෙන සිටින බවය.
ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලට මෙය දරා ගත නොහැකි තත්ත්වයක් බවට පත්වී ඇති බව සඳහන් වේ.
ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ද දැඩිම පීඩාවකට ලක්ව සිටී.
සියල්ල නිසි පාලනයේ පවතින බව ඉන්දීය බලධාරීන් අවධාරණය කරන නමුත් ජනතාව කොවිඩ් -19 දෙවැනි රැල්ලට හසුවී අතිශය දුෂ්කර තත්ත්වයකට පත්වී සිටින බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේය.
රෝහල්වල ඉඩ පහසුකම් නොමැති වීමෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයින් පුද්ගලයින් ගිලන් රථ තුළම මියැදෙන බව එම ප්‍රාන්තයෙන් වාර්තා වේ.
කොවිඩ් පළමු රැල්ලේදී බොහෝ ප්‍රාන්ත දැඩි පීඩාවකට ලක්වෙමින් තිබියදී උත්තර් ප්‍රදේශ් හි තත්ත්වය එතරම් ම අයහපත් වූයේ නැහැ.
එවක ආසාදිතයන් 851,620ක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වුව ද මරණයට පත්වූයේ 9,830 දෙනෙකු පමණයි.
නමුත් දෙවැනි රැල්ල එම ප්‍රාන්තය යටපත් කරමින් බිහිසුණු ලෙස පැතිර යමින් පවතී.
බලධාරීන් පවසන්නේ තත්ත්වය පාලනයේ පවතින බවය.
නමුත් බොහෝ තැන්වල දක්නට ලැබෙන්නේ හද සසල කරවන දසුන්ය.
කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන ජනතාවගෙන් උතුරා යද්දී රෝහල් කරා පැමිණෙන රෝගීන් බොහෝමයක් ආපසු හරවා යවන බව ද වාර්තා වේ.

