කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මෙක්සිකෝවේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව සංශෝධනය කර තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එම සංශෝධනයට අනුව කොවිඩ් මරණ සංඛ්‍යාව මීට පෙර වාර්තා වූවාට වඩා සියයට 60ක වැඩි වීමක් බවය.
මේ වන විට මෙක්සිකෝවේ කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 321,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
ඒ අනුව ලොව දෙවන වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවන රට ලෙස මෙක්සිකෝව පත්ව තිබේ.

