කොරෝනා මරණ 3ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 557ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, පස්සර ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .

මේ අතර, කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 108දෙනෙකු අද (25) දිනයේ හඳුනාගෙන තිබේ.

අද දවසේ සමස්ත ආසාදිතයින් ගණන 271කි.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 91,289ක් දක්වා ඉහළගොස් ඇත.