කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල්වල ශ්‍රේණි කිහිපයක් සහ සෙසු පළාත්වල පාසල්වල අධ්‍යයන කටයුතු අද (15) ආරම්භ කෙරුණා.
අද සිට බස්නාහිර පළාතේ අධ්‍යාපන කළාප 11 කට අයත් පාසල් 1,362 ක අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබෙනවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සෑම පාසලකම ගිලන් කාමරයක් සකස් කිරීමට ද අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
අප්‍රේල් මස 19 වැනි දින සිට බස්නාහිර පළාත්වල පළමු ශ්‍රේණියේ සිට හතරවන ශ්‍රේණිය දක්වාත් හය වැනි ශ්‍රේණියේ සිට දහවන ශ්‍රේණිය දක්වා මෙන්ම දොළොස්වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරිමට නියමිතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සියලු විදුහල්පතිවරුන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියේ.
ඒ අනුව අද සිට අප්‍රේල් මස 09 වැනි දින දක්වා පාසල්වල පළමුවාරයේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට නියමිතව තිබෙනවා.
දරුවන් දෙමාපියන් ඇතුළු සියලු පාර්ශ්ව නිසි ලෙස සිය වගකීම ඉටු කරන්නේ නම් බස්නාහිර පළාතේ සෙසු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඉතා කඩිනමින් සිදුකළ හැකි බවයි අධ්‍යාපන බලධාරීන් පැවසුවේ.
බස්නාහිර පළාතේ පාසල්වල 2020 වර්ෂයේ 10 ශ්‍රේණියට අදාලව වර්ෂ අවසාන ඇගයීම මාර්තු මස 29 වැනි දින සිට අප්‍රේල් මස 07 වැනි දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටින්නේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සඳහා නැවත පළමුවාර පරීක්ෂණ පැවැත්වීම සිදු නොවන බවයි.

