බුර්කාව තහනම් කිරීමේ නියෝගයට තමන් ඊයේ අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කළා.
පසුගිය සමයේදී ආගමික අන්තවාදීන් පිරිසක් විසින් මෙම බුර්කාව පැළදිය යුතු බවට වන සම්ප්රදාය ගෙනා බවත් මිට පෙර මුස්ලිම් කාන්තාවන් එවැනි බුර්කා පැළදීමක් සිදුනොකළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,
එමෙන්ම රට තුළ ලියාපදිංචි නොවූ මද්රසා පාසැල් දහසකට අධික සංඛ්‍යාවක් ඇති බවත් ඒවා නිසි නියාමනයක් නොවීම නිසා ඉදිරියේදී වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවත් සඳහන් කළා.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, සෑම වයස අවුරුදු 5-16 ත් අතර දරුවෙකු ජාතික අධ්‍යපාන ක්‍රමයට අනුව අධ්‍යාපනය ලැබීය යුතු බවයි.

