සමස්ත ආසාදිතයින් ගණන 83,000 ඉක්මවයි

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 204ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 83,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 83,094 දෙනෙකු දක්වා ඉහළ ගොස්  ඇති බව සෞඛ්‍ය  අංශ පවසති

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව  78,947කි.