ලංකාවට සුනාමි අවදානමක් නැහැ

ඉන්දියන් සාගරයේ ඇතිවූ 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසනවා.

ඉන්දියානු සාගරයේ මොරිෂස් සහ රියූනියන් (Mauritius / Reunion) කලාපයේ අද (24) පස්වරු 4.36ට පමණ රික්ටර් මාපකයේ 6.5ක විශාලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇත.

මෙම භූ චලනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් (අක්ෂාංශ 17.78S සහ දේශාංශ 65.82E) හටගෙන ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ.