නොවැම්බරයේ මේ දක්වා සංචාරකයින් 156,627ක් දිවයිනට

නොවැම්බර් මාසයේ ගතවූ දින 22 තුළ විදෙස් සංචාරකයින් 156,627 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙනවා.

ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 47,338කි.

එය සමස්ත සංචාරක පැමිණීම්වලින් සියයට 30කට ආසන්න ප්‍රතිශතයකි.

දෙවන ස්ථානය රුසියාවට හිමිව ඇති අතර, එරටින් සංචාරකයින් 14,744 දෙනෙකු පැමිණ තිබේ.

එසේම එක්සත් රාජධානියෙන් සංචාරකයින් 10,628 දෙනෙකු, ජර්මනියෙන් 9,504 දෙනෙකු සහ චීනයෙන් 8,640 දෙනෙකු එම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මේ සමඟම, 2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2,018,931ක් දක්වා ඉහළ ගොස් තිබේ.