සිය ප්රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 25කින් ඉහළ දැමීමට ශ්රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
ඒ අනුව, පෙර පැවති සියයට 8.75ක අනුපාතය සියයට 9ක් දක්වා ඉහළ නංවා ඇත.
දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි දැක්ම සැලකිල්ලට ගනිමින් ඊයේ (19) පැවති මුදල් ප්රතිපත්ති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

