2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (20) ප.ව. 6ට පැවැත්වීමට නියමිතයි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12වැනිදා අයවැය කතාව ඉදිරිපත්කරනු ලැබීය.
ඒ අනුව නොවැම්බර් 13 දින සිට අද දිනය දක්වා දින 7ක කාලයක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පවත්වනු ලැබේ.
අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) සිට ලබන දෙසැම්බර් මස 14 වැනිදා දක්වා පැවැත්වේ.
තෙවන වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 6ට පැවැත්වීමට නියමිතයි.
රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනයද ඇතුළුව සෑම දිනකම පෙ.ව. 9.30ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වනවා.

