නිට්ටඹුව – වේයන්ගොඩ මාර්ගය තාවකාලිකව වැසෙයි

නිට්ටඹුව – වේයන්ගොඩ මාර්ගය අද හෙට හා අනිද්දා වරින් වර විනඩි 20ක පමණ කාලයක් තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළ අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුතු කිහිපයක් සිදුකිරීම හේතුවෙනුයි මෙලෙස මාර්ගය වසා ඇත්තේ.

ඉදිකිරීම් කටයුතු සිදුවන අවස්ථාවන්හිදී රථවාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස සියලුම රියදුරන්ගෙන් සහ මාර්ග භාවිතා කරන්නන්ගෙන් පොලීසිය ඉල්ලීමක් කරයි.