ඉන්දුනීසියාවේ මලුකු (Maluku) පළාතට ආසන්න බණ්ඩා මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපක 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන තිබෙනවා.
කෙසේවෙතත් මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
අද (17) අලුයම 2.41ට පමණ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 20ක් ගැඹුරින් මෙම භූ චලනය සිදුව තිබෙන බව සඳහන්.
මෙම භූ කම්පනය ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට ද දැනී ඇති බව වාර්තා වේ.

