ගිනිකොණ බෙංගල බොක්කේ ඇතිව තිබෙන කැලඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වාත්, ඉන් අනතුරුව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බවත් දත්ත මගින් අනාවරණවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා ප්‍රකාශ කළේ, එහි බලපෑම ලබන 15, 16 සහ 17 යන දිනවල දිවයිනට බලපාන බවය.
ඒ අනුව මෙම දිනවල උතුර, උතුරු-මැද, නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වය වැඩිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව පුරෝකථනය කරන්නේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිවැරදි අනවැකි පළ කිරීමට ප්‍රමාණවත් දත්ත නොමැති බවත් ඉදිරියේ ඒ පිළිබඳව අධ්‍යයන කරන අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට අවශ්‍ය වුවහොත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් අධ්යක්ෂවරයා කීය.
මෙම අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වී තවදුරටත් වර්ධනය වන්නේ එය නම් නැගෙනහිර වෙරළ ආශ්‍රිතව උතුරු ප්‍රදේශයට ගමන් කරන්නේනම් එහි බලපෑම දිවයිනට දැඩි ලෙස දැනෙනු ඇති බව අජිත් විජේමාන්නගේ මහතා වැඩිදුරටත්අවධාරණය කළේය.

