ආලෝකයේ උත්සවය, දීපවාලි, අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී උත්සවය අදට (08) යෙදී තිබෙනවා.

අධ්‍යාත්මික අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය, නපුරට එරෙහිව යහපත සහ නොදැනුවත්කමට එරෙහි දැනුම” සංකේතවත් කරමිනුයි මෙම දීපවාලි උත්සවය සමරනු ලබන්නේ.

විෂ්ණු දෙවියන් විසින් නරකාසුර නමැති අසුරයා පරාජය කර යහපත හා ආලෝකය ජයග්‍රහණය කිරීම සිහිපත් කිරීම දීපාවලී උත්සවයේ එක් අරමුණකි.

අඳුර දුරු වී ආලෝකය උදා වේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතිමතුන් සිය නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සමරනු ලබයි.

එසේම රාවණාව පරාජය කර වසර 14 ක පිටුවහලේ සේවය කිරීමෙන් පසු රාම තම බිරිඳ සීතා සහ ඔහුගේ සහෝදරයා වන ලක්ෂ්මණ් සමඟ අයෝධ්‍යාවේ සිය රාජධානියට ආපසු පැමිණියේ ද දීපවාලි දිනයක බවයි සැලකෙන්නේ.