Pistachio වලින් ලඩ්ඩු හදමු

හෙට (08) දීපවාලි උත්සවය තියෙනවා නේ. ඉතින් මේ දීපවාලි එකට ගෙදර හැමෝටම healthy විදිහට කන්න හදන්න පුළුවන් රසකවිල්ලක් තමයි Pistachio ලඩ්ඩු කියන්නේ.

මේකේ එක Pistachio ලඩ්ඩු එකක කැලරි 162ක් සහ healthy fat 11g තියෙනවා.

මේ පහත තියෙන දේවල් වලින් ඔයාට ලේසියෙන් Pistachio ලඩ්ඩු 15-20ක් අතර ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්.

අවශ්‍ය දේවල්:

හොඳට ගා ගත්ත පොල් කෝප්ප 2 1/4ක්

ලුණු රහිත බටර් මේස හැඳි 8ක්

රසකල උකුකිරි (condensed milk) ටින් එකක්

Pistachio කුඩු කරලා කුඩු තේහැඳි 8ක් සහ තවත් Pistachio කුඩු ටිකක් වෙනම ඕනි වෙනවා දවටගන්න

හදන විදිහ:

අඩු ගින්දරේ තැබූ non-stick පෑන් එකකට පොල් , බටර්, උකුකිරි (condensed milk) සහ Pistachio කුඩු තේ හැඳි 8ක් දමන්න.

මිශ්‍රණය ගුලියක් සෑදෙන තෙක් විනාඩි 7ත් 10ත් අතර කාලයක් හොඳින් කලවම් කරන්න.

ඉන්පසු ලිපෙන් ඉවත් කර, අතින් ඇල්ලිය හැකි තරමට සිසිල් වන තුරු (විනාඩි 5ක් පමණ) තබන්න.

ඉතිරි Pistachio කුඩු කෝප්ප 1/4 කුඩා පිඟානකට දමා ගන්න. පොල් මිශ්‍රණයෙන් කුඩා ගුලි සාදා ගන්න. එක් එක් ගුලිය Pistachio කුඩු මත දවටා ගන්න.

දැන් ඔයාගේ රසම රස, healthy Pistachio ලඩ්ඩු එක ready.

එහෙනම් හදල රස බලන්න අමතක කරන්න එපා!