ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළට

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්, 2026 ඔක්තෝබර් මාසයේදී 3.2%කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 7,086ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

එය 2026 සැප්තැම්බර් මාසයේදී සටහන් වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 6,867ක් ලෙසයි.

මෙයට චීන මහජන බැංකුව (People’s Bank of China) සමඟ ඇති කරගත් මුදල් හුවමාරු ගිවිසුම (swap arrangement) හරහා ලැබුණු අරමුදල් ද ඇතුළත් බවයි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කළේ.