Canva හි සේවකයන් 1,270කට වෙන්න යන දේ

ලොව පුරා ජනප්‍රිය editing app එකක් වන Canva සමාගම සිය ව්‍යාපාරික ව්‍යුහයේ විශාල වෙනස්කම් සිදු කරන බව නිවේදනය කර තිබෙනවා.

Canva හි වසර 13 ක ඉතිහාසයේ නිසැකවම දුෂ්කරම අවස්ථාව ලෙස සමාගමේ සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී මෙලනි පර්කින්ස් (Melanie Perkins) මෙය හඳුන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් පුද්ගලයින් 1,271 දෙනෙකුට තම රැකියා අහිමි වීම, වෙනත් ස්ථානයකට මාරු වීමට සිදුවීම හෝ ඔවුන්ගේ රැකියා භූමිකාවන් වෙනස් කිරීමට සිදුවීම වැනි තත්වයන්ට මුහුණ දීමට සිදුවන බවයි ඇය සඳහන් කළේ.

කෘත්‍රිම බුද්ධිය (AI) තම ව්‍යාපාරයට බලපාන ආකාරය පිළිබඳව පවතින කනස්සල්ල සහ එම තාක්ෂණය තම වේදිකා තුළට ඇතුළත් කිරීම සඳහා දැරීමට සිදුවන පිරිවැය හේතුවෙන්, පසුගිය වසර තුළ සමාගමේ වටිනාකම පහත වැටී ඇති බව සඳහන්.

මෙම වසර මුලදී, Canva හි ආයෝජකයින් දෙපිරිසක් වන Blackbird Ventures සහ Airtree යන ආයතන විසින්, පසුගිය වසර අවසානයේදී ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 60 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 41.8 ක්) ලෙස පැවති සමාගමේ වටිනාකම, ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 49 ක් දක්වා පහත දමා ඇති බව වාර්තා වනවා.