යුක්රේන ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට රුසියාවෙන් ප්‍රහාරයක්

යුක්රේන ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට එල්ල වුණු රුසියානු බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා.

දකුණු සැපොරොෂියා (Zaporizhzhia) කලාපයේ කොමිෂුවාකා (Komyshuvakha) ගම්මානයේ පිහිටි මෙම මධ්‍යස්ථානයට කිලෝග්‍රෑම් 3,000 බැගින් බරැති ගුවන් බෝම්බ අවම වශයෙන් නවයක්වත් යොදා ගනිමින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බව සඳහන්.

ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ, “මානුෂීය අවශ්‍යතා සඳහා භාවිතා කළ” ප්‍රාදේශීය පාසලකට පළමු ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව, ජනතාව රැකවරණය ලබමින් සිටි ස්ථානයට දෙවන ප්‍රහාරයක් ද එල්ල වූ බවයි.

රුසියානු හමුදාව මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කිසිදු අදහස් දැක්වීමක් මෙතෙක් සිදු කර නොමැත.

රුසියාවට ගැටුම් සමනය කිරීමට කිසිදු වුවමනාවක් නොමැති බවට මෙය තවත් සාක්ෂියක් වැඩිදුර අදහස් දක්වමින් සෙලෙන්ස්කි පවසා ඇත්තේ.