මෙවර සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් මේ දක්වා ලැබී නොමැති නම් පාසල පිහිටි ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසීම් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විදුහල්පතිවරුන්ට දැනුම් දෙනවා.
කොවිඩ් වසංගතය තත්වය හමුවේ පසුගිය සමයේ පාසල් වසා තැබූ අවස්ථාවලදී සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට යොමුකිරීමට සිදුවූ බවයි පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසුවේ.
ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් භාරගන්නා ලෙසයි වියානි ගුණතිලක මහතා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
ඇතැම් සිසුන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත වෙනුවට නිකුත් කරන ලිපියද සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටීම සඳහා වලංගු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

