පවතින වැසි තත්ත්වයත් සමග බස්නාහිර, දකුණ , සබරගමුව ඌව, උතුර , නැගෙනහිර, මධ්‍යම පළාත් වල ඩෙංගු ව්‍යාප්තිය වැඩි වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 130ක පමණ මදුරු කීට ඝනත්වය වැඩි වී ඇති බවද එහි අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළා.
ඒ හේතුවෙන් ලබන 09 වනදා සිට 14 වනදා දක්වා දිස්ත්‍රික්ක 13ක විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

