තරුණ ටිරන්නෝසෝරස් රෙක්ස් ලෙස වරදවා වටහාගෙන අලුතින් හඳුනාගත් Nanotyrannus ඩයිනෝසෝරයෙකුගේ සවි කළ ඇටසැකිල්ලක් ඩොලර් මිලියන 47.3 කට වෙන්දේසි වී තිබෙනවා.
ඒ නිව් යෝර්ක්හි සොතෙබිස් සමාගම (Sotheby’s) විසින් පවත්වන ලද වෙන්දේසියක දී යි.
ජෝඩි (Jodi) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම ඇටසැකිල්ල දළ වශයෙන් අඩි 10 ක් උස එකක් වනවා.
ජූලි මාසයේදී Gus ලෙස නම් කරන ලද ටිරන්නෝසෝරස් රෙක්ස් ඇටසැකිල්ලක් වාර්තාගත ඩොලර් මිලියන 50.1 කට අලෙවි කිරීමෙන් පසුවයි මෙම නවතම වෙන්දේසිය සිදු කර ඇත්තේ.
කෙසේවෙතත් මෙම ඇටසැකිල්ල මිල දී ගත් අයගේ අනන්‍යතාවය හෙළි කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

