මහනුවර සහ නුවරඑළිය පාසල් වලට නිවාඩු

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල කලාප කිහිපයක පාසල් 26ක් පැවැත්වීම අත්හිටුවා වු බව ආණ්ඩුකාර වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා පවසනවා.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පාසල් පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට හා ලේකම්වරුන්ට බලය පවරා තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඊට අදාළ උපදෙස් පළාත් බලධාරීන් වෙත ලබා දී ඇති බව සඳහන්.