අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවත්වී බටහිර දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් පද්ධතියේ බලපෑම හෙට (23) දිනයේදීත් පවතිනු ඇති  බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර සහ ගාල්ල දිස්ක්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කල හැකි වනවා.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කල හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 01.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය අතර ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.