පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ තික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
අද (22) ප.ව.4.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට ප.ව.4.00 දක්වා වලංගු වනවා.
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
කළුතර දිස්ත්රික්කය: හොරණ, මතුගම
රත්නපුර දිස්ත්රික්කය: ඇලපාත, කුරුවිට, රත්නපුර
මහනුවර දිස්ත්රික්කය: උඩපළාත, මැදදුම්බර, කුණ්ඩසාලේ
කෑගල්ල දිස්ත්රික්කය: මාවනැල්ල, දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට, අරණායක
නුවරඑළිය දිස්ත්රික්කය: අඹගමුව, නෝර්වුඩ්
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්රික්කය: හපුතලේ, හල්දුම්මුල්ල, පස්සර, හාලි ඇල, ඌව පරණගම
කොළඹ දිස්ත්රික්කය: පාදුක්ක, සීතාවක
කලුතර දිස්ත්රික්කය: මිල්ලනිය, ඉංගිරිය, වලල්ලාවිට, අගලවත්ත
මහනුවර දිස්ත්රික්කය: යටිනුවර, උඩුනුවර, උඩුදුම්බර, දෙල්තොට, දොලුව, මිණිපේ
කෑගල්ල දිස්ත්රික්කය: බුලත්කොහුපිටිය, යටියන්තොට, වරකාපොළ
මොනරාගල දිස්ත්රික්කය: මැදගම
රත්නපුර දිස්ත්රික්කය: අයගම, ඇහැලියගොඩ, වැලිගෙපොල, කලවාන, ඉඹුල්පේ, නිවිතිගල, කොලොන්න, බලන්ගොඩ, ගොඩකවෙල, කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල
නුවරඑළිය දිස්ත්රික්කය: මතුරට, වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර
කුරුණෑගල දිස්ත්රික්කය: මාවතගම, ඉබ්බාගමුව, රිදීගම, ගනේවත්ත

