පාර්ලිමේන්තුව අද (21) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද පාර්ලිමේන්තු කාලසටහන පහතින්,
පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා
පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා
පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතිය සඳහා
අනතුරුව, ප.ව 5.00 ට ව්‍යවස්ථාපිත ආයතන 5ක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කර ගැනීමට නියමිතව තිබෙනවා.
ඉන්පසු, ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහායි කාලය වෙන් කර තිබෙන්නේ.

