ඕමාන මුහුදු තීරයේ දර්ශනය වූ දුර්ලභ ඩොල්ෆින් මත්ස්‍යයා

ඕමානයේ ක්වන්ටාබ් වෙරළ තීරයේ පසුගිය සතිය පුරාවට රෝස පැහැති හම්ප්බැක් ඩොල්ෆින් මාළුවෙක් දර්ශනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රෝස ගංගා ඩොල්ෆින් සාමාන්‍යයෙන් ඇමසන් ද්‍රෝණිය ආශ්‍රිතව දැකිය හැකි වන නමුත් වෙරළබඩ සාගර ජලයේ මෙලෙස ඇලි හෝ රෝස පැහැති ඩොල්ෆින් නිරීක්ෂණය කිරීම අති දුර්ලභ සිදුවීමක් වනවා.

ආලෝකකරණ තත්වයන් හෝ සතුන්ගේ සමේ තුනී ප්‍රදේශ හරහා පෙන්වන රුධිර නාලවල ස්වාභාවික වෙනස්කම් නිසා මෙම රෝස පැහැ ඩොල්ෆින් සතුන් ඇති විය හැකි බවයි සමුද්‍ර විද්‍යාඥයින් පවසන්නේ.

මේ දිනවල සමාජ මාධ්‍ය වල සංසරණය වන එම ඩොල්ෆින් මත්ස්‍යයා ගේ වීඩියෝව පහතින්,