සති ගණනාවක් තිස්සේ ඉන්දුනීසියාවේ ප්‍රදේශ පුරා ලැව්ගිනි ඇවිළෙමින් පවතිනවා. එයින් නැගෙන දුමාරය රට පුරා පිටාර ගලමින් පවතින බවයි සඳහන් වෙන්නේ.
එසේම මෙම දුම් අසල්වැසි මැලේසියාව, සිංගප්පූරුව සහ පිලිපීනය වෙත පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ දුම් හේතුවෙන් මැලේසියාවේ සමහර ප්‍රදේශවල පාසල් වසා දමා ඇති අතර එළිමහන් කටයුතු තාවකාලිකව නතර කරන ලෙස දැනුම් දී තිබෙනවා.
මේ අතර සිංගප්පූරුවේ වායු තත්ත්ව මට්ටම මෙම වසරේ මෙතෙක් වාර්තා වූ නරකම තත්ත්වයට පත්ව ඇතැයි සඳහන්.
මෙම වසරේ ලැව්ගිනි සමය ඉන්දුනීසියාවේ වසර ගණනාවකින් ඇති වූ දරුණුතම එකක් ලෙස සැලකෙනවා.
ජූලි සහ සැප්තැම්බර් අතර, ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉඩම් සහ වනාන්තර ගිනි ගැනීම් හා සම්බන්ධ ශ්වසන ආසාදන 175,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කළේය.

