උතුර, උතුරු – මැද, නැගෙනහිර පළාත් සහ මොනරාගල, හම්බන්තොට, රත්නපුර දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව උතුර, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ‘ මට්ටමක පැවතිය හැකියි.

