සතියක් ඇතුළත හෝර්මුස් විවෘත කිරීමට ඉරානයෙන් යෝජනාවක්

හෝර්මුස් සමුද්‍ර සන්ධිය සතියක් ඇතුළත නැවත විවෘත කිරීමට හැකි වන ගිවිසුමක් එක්සත් ජනපදය වෙත යෝජනා කර ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා.

නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් අමතමින් අරග්චි පැවසුවේ “අවශ්‍ය කොන්දේසි සපුරාලන්නේ නම්” මෙය සිදු කළ හැකි බවත්, එම කොන්දේසි ජූනි මාසයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට (MOU) ඇතුළත් බවත්ය.

මේ අතර න්‍යෂ්ටික ගැටළු ඇතුළු කරුණු සම්බන්ධයෙන් මැදිහත්කරුවන් හරහා ධනාත්මක සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි ඉරානයේ මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනපදය සඳහන් කර ඇත්තේ.

කෙසේවෙතත් මීට පෙර මෙම සතියේදී, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “ඉස්ලාමීය ජනරජය විනාශ කර දමන” බවට තර්ජනය කර තිබුණා.