පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්

පොලිස් නිෂ්කාශන අදුම්පත් සම්බන්ධයෙන් මහජනතාවට වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීම සහ විමසීම් කටයුතු පහසු කිරීම වෙනුවෙන් පොලිස් මූලස්ථානය විසින් නව පියවරක් ගෙන තිබෙනවා.

ඒ අනුව, 2026 සැප්තැම්බර් මස 23 දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිෂ්කාශන අංශය වෙත වට්ස්ඇප් (WhatsApp) මාර්ගයෙන් පණිවිඩ යොමු කිරීම සඳහා 071-8595950 අංකය භාවිතා කළ හැක.

අයදුම්කරුවන්ට අවශ්‍ය තොරතුරු වට්ස්ඇප් පණිවිඩ මඟින් යොමු කිරීමට සහ පොලිස් නිෂ්කාශන අංශය සමඟ පණිවිඩ හුවමාරු කර ගනිමින් විමසීම් සිදුකිරීමට මේ හරහා පහසුකම් සැලසේ.