වසර තුනකට වැඩි කාලයකට පසු පළමු වරට එක්සත් ජනපදය විසින් සිය පොලී අනුපාත ඉහළ නංවා තිබෙනවා.
එසේම ඉහළ යන මිල ගණන් පාලනය කිරීමේ අරමුණින් පොලී අනුපාත තවදුරටත් ඉහළ දැමීමට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ.
පොලී අනුපාත අඩු කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස ඉල්ලා සිටියද, ෆෙඩරල් සංචිතය (Federal Reserve) ඒකමතික තීරණයක් මගින් අනුපාත 3.5%-3.75% සිට 3.75%-4% දක්වා ඉහළ දමා තිබෙනවා.
උද්ධමනය ඉතා ඉහළ මට්ටමක පවතින අතර දිගු කලක් තිස්සේ එම තත්ත්වය පවතින බවට පවසමිනුයි ෆෙඩරල් සංචිතය මෙම තීරණය ගත් බවයි ෆෙඩරල් සංචිතයේ සභාපති කෙවින් වෝර්ෂ් (Kevin Warsh) පැවසුවේ.
ඉහළ පොලී අනුපාත හේතුවෙන් ණය, නිවාස ණය සහ ක්‍රෙඩිට් කාඩ්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට ණය ලබා ගැනීම වඩාත් වියදම් අධික කටයුත්තක් බවට පත් වනු ඇත.

