මවත් එක්ක තිබු සිත් තැවුල නිසා සිසුවියක් ඉහල කොත්මලේ ජලාශයට පනියි

ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු පාසල් සිසුවියකගේ සිරුර අද (12) දින ජලාශයෙන් තිබි ගොඩගත් බව තලවකැලේ පොලිසිය පවසනවා.මෙසේ ගොඩගනු ලැබුවේ තලවකැලේ රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියකගේ සිරුරක් බවයි පොලිසිය සඳහන් කළේ.

එම පාසල් සිසුවිය තලවකැලේ දමිල මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියක් වනවා. අද දින උදැසන 6.30 ට පමණ නිවසින් පිට වු පාසල් සිසුවිය ඉහල කොත්මලේ ජලාශය හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම මතින් මතින් ජලාශයට පනින අයුරු ප්‍රදේශවාසින් විසින් දැක ඇති බවයි තලවකැලේ පොලිසිය කියා සඳහන් කළේ.

මව සමග ඇති වු සිත් තැවුලක් හේතුවෙන් පාසල් සිසුවිය නිවසින් පැමිණ ජලාශයට පනින්නට ඇති බවත් ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලිසිය පවසනවා.

රංජිත් රාජපක්ෂ – හැටන්