උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කය සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ‘ මට්ටමක පැවතිය හැකියි.