නේපාලයේ හදිසි ගංවතුරෙන් මිය ගිය පිරිස 469 දක්වා ඉහළට

බදාදා හිමාලයානු මායිම් කලාපයේ ඇති වූ නේපාලයේ හදිසි ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 469 දෙනෙකු මිය ගොස් ඇතැයි නේපාල පොලිසිය වාර්තා කරනවා.

එසේම තවත් සිය ගණනක් මේ වන විට අතුරුදන්ව සිටිනවා.

විනාශ වූ ප්‍රදේශයට දෙවන ගංවතුරක් ඇතිවිය හැකි බවට වාර්තා වීමත් සමඟ දිවි ගලවා ගත් අය සොයන ගලවා ගැනීමේ නිලධාරීන් “අවධානයේ” සිටින බව රතු කුරුස නිලධාරියෙක් BBC වෙත පවසා තිබෙනවා.

චීන-නේපාල දේශසීමාව අසල ජල විලක් නිර්මාණය වී ඇති අතර එය එහි ඉවුරු බිඳී යාමෙන් මෙම දෙවන ගංවතුර ඇති විය හැකි බවයි ඔවුන් අනුමාන කරන්නේ.

2015 දී ඇති වූ භූමිකම්පාවකින් පසු නේපාලය දුටු දරුණුතම ව්‍යසනය මෙය ලෙසයි සැලකෙන්නේ.