මනුෂ්‍යත්වය ඉදිරියේ ජාති, ආගම් හා භේදවලට වඩා ගෞරවය, සාධාරණත්වය, කරුණාව සහ සහෝදරත්වය වැදගත් ය. විවිධත්වය අපගේ බෙදීමේ හේතුවක් නොව, ශ්‍රී ලංකාවේ ශක්තිය බවට පත් කරගත යුතු ය. වෙනස්කම් පිළිගනිමින්, අනෙකාගේ අයිතිවාසිකම් හා විශ්වාසයන්ට ගරු කරමින්, කිසිදු ජන කොටසක් අතහැර නොදමන සමාජයක් ගොඩනැගීම අපගේ පොදු වගකීමකි. මුහම්මද් නබිනායකතුමා විසින් පෙන්වා දුන් සාමයේ, සාධාරණත්වයේ සහ සහජීවනයේ මග ශ්‍රී ලංකාවට නව ආලෝකයක් වේවා.!
සමස්ත ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට පින්බර මිලාදුන් නබි දිනයක් වේවා!


