මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
මින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම අගය 366,114කි.
මේ අතර අගෝස්තු 01 වනදා සිටි 18 වනදා දක්වා පැමිණි සංචාරකයින් ගණන 125,562ක් බවද එම අධිකාරිය සඳහන් කර තිබේ.
අගෝස්තු මාසයේදී මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් අතුරින් වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංචාරකයින් ගණන 27,884ක් වේ.
දෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එම අගය 13,980ක් ලෙසද සටහන් වී තිබේ.

