නැගෙනහිර පළාත සහ යාපනය, කිලිනොච්චි, වව්නියාව, මුලතිව්, මොනරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ නැගෙනහිර පළාත කිලිනොච්චි, මොනරාගල සහ වව්නියාව, සහ යාපනය, මුලතිව්, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවයි.

