මේ වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 14 ඉක්මවයි

2026 වසරේ ජනවාරි මස පළමුවන දින සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 14 සීමාව ඉක්මවා තිබෙනවා.

ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 9 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,408,620ක් ලෙස වාර්තා වී ඇත.

වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම අගය 351,713කි.

මේ අතර අගෝස්තු 01 වනදා සිටි  09 වනදා දක්වා පැමිණි සංචාරකයින් ගණන 65,202ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

අගෝස්තු මාසයේදී මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් අතුරින් වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංචාරකයින් ගණන 13,483ක් වේ.

දෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එම අගය 7,460ක් ලෙසද සටහන් වී තිබේ.

තෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් ප්‍රංශයෙන් පැමිණ ඇති අතර එම සංචාරකයින් ගණන 5,388කි.