කොලොම්බියාවේ ඊයේ ඇති වුණු ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 132 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බලධාරීන් පවසන්නේ කඩා වැටුණු ගොඩනැගිලි අතර තවත් පුද්ගලයන් සිර වී සිටිය හැකි බැවින් මෙම මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.
එසේම භූමිකම්පාවෙන් පුද්ගලයින් 480 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව කොලොම්බියාවේ අගනුවර නගර සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
රික්ටර් මාපකයේ 7.4 ක භූමිකම්පාව එරට වේලාවෙන් 07:34 (GMT 12:34) ට චොකෝ පළාතේ කිලෝමීටර් 103ක් ගැඹුරින් ඇති වී තිබෙනවා. එය බටහිර කොලොම්බියාව පුරා සැතපුම් සිය ගණනක් පුරා විහිදී ඇති දැවැන්ත ප්‍රදේශයක් පුරා දැනුණු බවයි එරට භූ විද්‍යා සේවය සඳහන් කරන්නේ.
මරණ බොහොමයක් කොලොම්බියාවේ කෝපි වගා කරන කලාපයේ පෙරෙයිරා නගරයේ සංකේන්ද්‍රණය වී ඇති අතර අවට නගර සහ වැලී ඩෙල් කොකා කලාපයට ද දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇත.
භූමිකම්පාවේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 55 ක් (සැතපුම් 34) පමණ දුරින් පිහිටි පෙරෙයිරා නගරයට දරුණුතම හානි කිහිපයක් සිදුව ඇත.

