තෙවන පාසල් වාරයේ පළමු අදියරය අද අවසන්

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ තුන්වන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වනවා.

එසේම මුස්ලිම් පාසල්වල, පාසල් වාරය ලබන මස 02 වැනිදායින් අවසන් වන බවයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

තුන්වැනි පාසල් වාරයේ දෙවන අදියර ලබන මස 07 වැනිදා ආරම්භ කරන අතර දෙසැම්බර් මස 04 වැනිදායින් අවසන් වනු ඇත.

මේ අතර මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2723කදී ලබන 09 වෙනිදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය ලබන 10 වැනිදා සිට ලබන මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.