ඉන්දියාව විසින් තවත් කොවිඩ් එන්නත් 07ක් සංවර්ධනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඉදිරියේදී සියලුම ඉන්දියානු පුරවැසියන් කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කිරීමට අපේක්ෂා කරන බව එරට සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් සඳහන් කරනවා.
කෙසේ වෙතත් දැනට නිෂ්පාදනය කෙරෙන කොවිඩ් එන්නත් විවෘත වෙළඳපොලට නිකුත් කිරීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

