ජුලි මාසයේ මුල් දින 21 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 138,730ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 31,734ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 23%ක් වනවා.
එමෙන්ම, චීනයෙන් 8,484ක්, එක්සත් රාජධානියෙන් 14,959ක් සහ නෙදර්ලන්තයෙන් 8,415ක් ද මෙම කාලය තුළ පැමිණ ඇත.
මේ සමඟම මේ වසරේ ජනවාරි 01 සිට ජුලි 15 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,285,303ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අතරින් ඉන්දියාවෙන් 325,417ක් සහ එක්සත් රාජධානියෙන් 123,526ක් සංචාරකයින් පැමිණ ඇත.

