ඩෙංගු රෝගීන්ගෙන් 30%ක් බාලවයස්කාර ළමයින්

දිවයින පුරා වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ 30%ක් වයස අවුරුදු 19න් පහළ බාලවයස්කරුවන් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

වාර්තාවන සෙසු රෝගීන් වයස අවුරුදු 20ත් 65ත් අතර වන බවයි එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර පැවසුවේ.

ඒ අනුව වැඩිම වයස අවුරුදු 65ට වැඩි කාණ්ඩයෙන් වැඩිම ඩෙංගු මරණ සංඛ්‍යාවක් වාර්තා වනවා.

මේ අතර දිස්ත්‍රික්ක 12ක තවදුරටත් ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

වසරේ ගත වූ කාලසීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 78,125ක්.

ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.‍

එම සංඛ්‍යාව 16,798 ක් දැක්වෙනවා.