ඊයේ දිනයට සාපේක්ෂව අද (10) දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 331.34 සිට රු. 331.10 දක්වා අඩු වී තිබේ.
මේ අතර, ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය ද රු. 340.86 සිට රු. 340.70 දක්වා අඩු වී තිබේ.

